(මිරිගම පුෂ්පකුමාර මල්ලවාරච්චි)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල රදාවඩුන්න ප්‍රදේශයේ බවුසර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් බස් රථයේ ගමන් ගත් තිදෙනකු තුවාල ලබා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නිට්ටඹුව පොලිස් රථවාහන අංශය කියයි.
කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බවුසර් ටැංකියේ ඉන්ධන නොතිබූ බව පොලිසිය කියයි.
බවුසර් රථය මාර්ගයේ දකුණු දෙසට බරව ගමන් කිරීම අනතුරට හේතුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව නිට්ටඹුව පොලිස් රථවාහන අංශය පවසයි.

